එල්.ටී.ටී.ඊ. සංවිධානයට පනවා තිබූ තහනම තවදුරටත් දීර්ඝ කිරීමට යුරෝපා සංගමය පියවර ගෙන ඇත.
යුරෝපා සංගමය ඔවුන්ගේ ත්‍රස්තවාදීන් සහ ත්‍රස්තවාදී සංවිධාන ලැයිස්තුව අලුත් කර තිබෙන අතර ඒ අනුව එල්.ටී.ටී.ඊ. සංවිධානය තවදුරටත් ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස ලැයිස්තු ගත කර තිබේ.
ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා ත්‍රස්තවාදීන්, ත්‍රස්තවාදී සංවිධාන, ත්‍රස්තවාදී ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වන පුද්ගලයන්, ඊට අයත් දේපළවලට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් යුරෝපා කවුන්සිලය සඳහන් කළේය.
මෙම ලැයිස්තුගත කිරීමට අනුව යුරෝපයේ එම පුද්ගලයන්, සංවිධාන හා කණ්ඩායම් සහ වස්තු මෙන්ම මූල්‍ය වත්කම් යනාදී සියල්ල රාජසන්තක කෙරේ.
එමෙන්ම යුරෝපා සංගමයේ රටවලට, සමාගම් සහ සංවිධානවලට මෙන්ම සියලු පාර්ශවවලට ත්‍රස්තවාදීන් සහ ත්‍රස්තවාදී සංවිධාන ලෙස නම් කරන ලද කිසිවකුට අරමුදල් සැපයීම සහ ආර්ථික මූලාශ්‍ර සැපයීම සම්පූර්ණයෙන් තහනම් වේ.
055

