යුගදනවි ගැන නිරීක්ෂණ ඉදිරිපත් කිරීමට පක්ෂ නායක හමුවේදී එකඟත්වයක්


(සුජිත් හේවාජුලිගේ)

යුගදනවි තාප විදුලි බලාගාරය සම්බන්ධයෙන් ඉදිරිපත් කරනු ලැබ ඇති කැබිනට් පත්‍රිකාව සඳහා  නිරීක්ෂණ ඉදිරිපත් කිරීමට  ජනාධිපති සහ අගමැති ප්‍රධානත්වයෙන් ඊයේ (28) පස්වරුවේ පැවැති ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධාන පක්ෂ නායක හමුවේදී එකඟත්වයක් ඇතිවිය.

මෙයට අමතරව කොවිඩ්  වසංගත තත්වය, ගුරු විදුහල්පති වැටුප් ගැටලුවේ වර්තමාන තත්වය, කොවිඩ්  හමුවේ සංචාරක ව්‍යාපාරය මුහුණපාන ගැටලු, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ බටහිර හා නැගෙනහිර ජැටි සංවර්ධනය, රජයේ සංවර්ධන කටයුතු අධීක්ෂණය, බඩු මිල, කාබනික කෘෂි වගාව සහ  පොහොර ප්‍රශ්නය  යනාදි කරුණු සම්බන්ධයෙන්දෙ මෙහිදී සාකච්ඡා කෙරුණු බව අගමැති කාර්යාලය පවසයි.

මෙම සාකච්ඡාව දැඩි උණුසුම්කාරී  ස්වභාවයක් ගත් බවද  වාර්තා විය.