යුක්රේන යානයක් කඩා වැටී ගුවන් භටයෝ 5 ක් මරුට


(විමුක්ති එස්. රුද්‍රිගු)

යුක්රේන ගුවන් හමුදාවේ ගුවන් යානයක් කඩා වැටීමෙන් ගුවන් භටයින් 5 දෙනෙක් මරණයට පත්ව ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. එම ගුවන් යානය කඩා වැටෙන අවස්ථාවේ 14 දෙනෙක් යානයේ ගමන් කර ඇති බවද වාර්තාවේ.

එමෙන්ම රුසියාවේ භාණ්ඩ ප්‍රවාහන නෞකා දෙකකට යුක්රේන හමුදා විසින් එල්ල කළ මිසයිල ප්‍රහාරය හේතුවෙන් එක් නැවියකු අනතුරට ලක් ව නැවක් ගිනි ගෙන ඇති බව වාර්තාවේ