(යොහාන් භාසුර)
'යුක්තිය' මෙහෙයුම යටතේ රට පුරා පසුගිය පැය 24 තුළ ක්‍රියාත්මක කළ මෙහෙයුම්වලදී සැකකරුවන් 863 ක් අත්අඩංගුවට ගත් බවත් ඉන් සැකකරුවන් 24 ක් සම්බන්ධව රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන කරන බවත් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් අද (12) පෙරවරුවේ පැවැසීය.
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවු පුද්ගලයින් 19 දෙනෙකු පුනරුත්තාපන මධ්‍යස්ථාන වෙත යොමු කළ බව ද එම අමාත්‍යංශය කියයි.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ විශේෂ කාර්යංශය ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 39 ක් ද පසුගිය පැය 24 තුල අත්අඩංගුවට ගත් බව කී එම නිලධාරියා එහිදී හෙරොයින් ග්‍රෑම් 303 ක්, අයිස් ග්‍රෑම් 141 ක් සහ ගංජා කිලෝ 10 යි ග්‍රෑම් 565 ක් ඇතුළු විවිධ මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ගත් බවද සඳහන් කළේය.

