(රොමේෂ් මධුෂංඛ)
යාපනය වඩමාරච්චි නැගෙනහිර අම්පන් ප්‍රදේශයේ ඉඩමක වළ දමා තිබූ මෝටාර් බෝම්බ හා පුපුරණද්‍රව්‍ය අඩංගු ප්ලාස්ටික් බැරලයක් ගොඩගත් බවට පේදුරුතුඩුව පොලිසිය පවසයි.
අම්පන් ප්‍රදේශයේ වැසියෙකු විසින් ගෙවත්ත එළිපෙහෙලි කිරීමේදී වළදමා තිබූ ප්ලාස්ටික් බැරලය හමු වී ඇති අතර ඒ බව පේදුරුතුඩුව පොලීසියට දැනුම් දී ඇත.
බෝම්බ බැරලයේ තිබී මෝටාර් බෝම්බ 9ක්, ක්ලේමෝ බෝම්බයක්, ටී.එන්.ටී. වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය ග්‍රෑම් 200 ක්, වයර් රෝලක්, ටැග් එකක්, අත්බෝම්බයක් සහ මැගසින් එකක් හමු වී ඇත.
සොයාගත් බෝම්බ ඇතුළු යුද උපකරණ තොගය අධිකරණ නියෝගයකට අනුව පොලිස් විශේෂ කාර්ය බලකාය හරහා නිශ්ක්‍රීය කිරීමට පියවර ගෙන ඇති බවට පේදුරුතුඩුව පොලීසිය වැඩිදුරටත් පැවසීය.




