(රොමේෂ් මධුෂංඛ)
යාපනය වඩුක්කොඩ්ඩෙයි අරාලි ප්‍රදේශයේ නිවසකට ඊයේ රාත්‍රියේ කිසියම් තියුණු ආයුධ රැගත් කල්ලියකගේ පහරදීමෙන් දේපල හානි රැසක් සිදුව ඇති බවට පොලීසිය පවසයි.
යතුරුපැදි දෙකකින් පැමිණි මුහුණු ආවරණය කර ගත් පිරිස් නිවසේ තිබූ ත්‍රී රෝද රථයකට ගිනි තබා නිවසේ දේපල රැසකටද හානි කර පලා ගිය බවට නිවැසියන් පොලීසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.
කෙසේ වෙතත් අදාල පහරදීමෙන් නිවැසියන්ට හානියක් සිදුව නොමැති අතර පහරදීමට පැමිණි පිරිස් කවුරුන්දැයි යන්න මෙතෙක් හඳුනාගෙන නොමැත.
පෞද්ගලික හේතුවක් නිසාවෙන් මෙම පහරදීම සිදුකර ඇතැයි සැක පළකරන බවද පරික්ෂණ සිදුකරන වඩුකොඩ්ඩෙයි පොලීසිය වැඩිදුරුටත් පැවසීය.