යාපනයේ පල්ලියක් අසලින් අධිබලැති පුපුරණ ද්‍රව්‍ය තොගයක්


( රොමේෂ් මධුෂංඛ)
                 

යාපනය නගරයේ  පල්ලියක් ආසන්නයෙන් අධිබලැති පුපුරණද්‍රව්‍ය කිලෝ 4 ග්‍රෑම් 3 ක් සමඟ ඩෙටනේටර් තොගයක් සොයාගත් බවට යාපනය පොලිස් විශේෂකාර්ය බලකාය පවසයි.

යාපනය පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන් විසින් යුද හමුදා බුද්ධි අංශයට ලැබුණු තොරතුරකට අනුව යාපනය  පල්ලියක් ආසන්නයේදී සඟවා තිබියදී මෙම පුපුරණද්‍රව්‍ය තොගය සොයාගෙන ඇත.
 
එහිදී පාර්සලයක ඔතා සඟවා තිබූ පුපුරණද්‍රව්‍ය කිලෝ 4 යි ග්‍රෑම් 3 ක ප්‍රමාණයක් සහ විදුලි නොවන ඩෙටනේටර් 10 ක් තිබී පොලිස් විශේෂකාර්ය බලකා සෙබලුන් විසින් සොයාගනු ලැබීය.

අදාල පුපුරණද්‍රව්‍ය තොගය සඟවන ලද පුද්ගලයින් කව්රුන්දැයි යන්න මෙතෙක් අනාවරනය වී නොමැති අතර ඒවා යම් විනාශයක් සඳහාද එසේත් නැතිනම් මසුන් ඇල්ලීම සඳහා යමෙක් රැගෙනවිත් සඟවන්නට ඇත්දැයි යන්න පිළිබඳව සෙවීම සඳහා විශේෂ පරික්ෂණයක් ආර්ම්භ කොට ඇති බවටද යාපනය පොලිස් විශේෂ කාර්යබළකාය වැඩිදුරටත් පවසයි.

පොලිස් විශේෂකාර් බලකායේ කලාපඅණදෙන නිලධාරී හා ප්‍රාදේශීය අණදෙන නිලධාරීවරුන්ගේ උපදෙස් හා අධීක්ෂණයන් මත යාපනය පොලස් විශේෂකාර්ය බලකා කඳවුරේ අණදෙන නිලධාරී ප්‍රධාන පොලිස් පරික්ෂක අශෝක් කුමාර් මහතා ඇතුලු නිලධාරීන් පිරිසක් විසින් මෙම පුපුරණද්‍රව්‍ය තොගය සොයාගනු ලැබීය.