යාපනයට පාර්ලිමේන්තුව ගැන උගන්වයි


(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

පාර්ලිමේන්තුව විසින් යාපනය විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථීන් වෙනුවෙන් පවත්වන ලද පාර්ලිමේන්තු කටයුතු හා ක්‍රියා පටිපාටි පිළිබඳ කෙටි පාඨමාලාව සාර්ථකව නිම කළ විද්‍යාර්ථීහු සහතික පත් ලැබූහ.

පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂාණි රෝහණදීර මහත්මිය ප්‍රධාන ආරාධිතාව ලෙස ඊට සහභාගී වූවාය.

පාර්ලිමේන්තු ක්‍රමවේදය පිළිබඳ විශ්වවිද්‍යාලය විද්‍යාර්ථින් වෙත පුළුල් අවබෝධයක් ලබා දීම මූලික අරමුණ කරගනිමින් ශ්‍රි ලංකා පාර්ලමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ මහජන සේවා අංශය  මෙම පාඨමාලාව සංවිධානය කළේය.

පාර්ලිමේන්තුව හා එහි ව්‍යවස්ථාදායක ක්‍රියාවලිය,පාර්ලිමේන්තු සම්ප්‍රදායයන්,පාර්ලිමේන්තු කාරක සභා,මහජන සහභාගීත්වය, කාන්තා හා තරුණ නියෝජනය, විවෘත පාර්ලිමේන්තු සංකල්පය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ආදිය පිළිබඳව මෙහිදී දෙසුම් පැවැත්විණි.