
(රොමේෂ් මධුෂංඛ)
යාපනය කෝපායි ප්‍රදේශයේ නිවසකට ඇතුලුවී දේපල වලට හානි කොට පලා යමින් සිටි කඩු කල්ලියක ප්‍රභලයින් තිදෙනෙකු කඩු කෙටේරි සමග අත්අඩංගුවට ගත් බවට යාපනය පොලීසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් පසුගිය 30 වනදා කොණ්ඩාවිල්හි පුද්ගලයින් 07 දෙනෙකුට තියුණු ආයුධ වලින් පහරදී බරපතල තුවාල සිදුකිරීමේ සිදුවීමේ ප්‍රධාන සැකකරුවන් බවට පොලීසිය සැක පල කර සිටියි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් විසින් කෝපායිහි නිවසකට ඇතුලු වී නිවැසියන්ට තර්ජනය කොට දේපලවලට හානි කොට යතුරුපැදියකින් සහ ත්‍රී රෝද රථයකින් පලා යමින් සිටියදී අදාල පිරිස ලුහුබැඳ අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව ඇත.
සැකකරුවන් අත්අඩංගුවට පත්වන අවස්ථාවේදී තියුණු කඩු දෙකක්, කෙටේරි දෙකක් සහ තවත් නවීකරණය කරන ලද තියුණු ආයුධයක්ද යතුරුපැදිය හා ත්‍රී රෝද රථයද අත්අඩංගුවට ගනු ලැබීය.
යාපනයේ සිදුවූ පුද්ගල පහරදීම් දේපල හානි කිරීම සහ මංකොල්ල කෑම් ආදි අපරාධ රැසකට අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධවූවන් බවට තොරතුරු ලැබී ඇති අතරම ඔවුන් සමග සෙසු සැකකරුවන් 16 දෙනෙකු පමණ තවත් අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් කිහිපයක් විසින් පරික්ෂණ අරඹා ඇති බවටද යාපනය පොලීසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් යාපනය මාණිප්පායි, කොකුවිල් සහ කොණ්ඩාවිල් ප්‍රදේශයන්හි පදිංචි කරුවන් වන අතර ඔවුන් අද (05) දිනයේදී යාපනය අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇතැයිද යාපනය පොලීසිය වැඩිදුරටත් පැවසීය.



