එයාර් ඉන්දියා 171 ගුවන් යානය කඩා වැටුණේ යානයේ දෝෂයක් නිසා යැයි සැක කෙරේ.
අනතුර සම්බන්ධයෙන්, එක්සත් ජනපද ෆෙඩරල් ගුවන් සේවා අධිකාරිය ඉන්දීය ජාතික ප්‍රවාහන ආරක්ෂණ මණ්ඩලයට දැනුම් දී ඇත්තේ අනතුර සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට තමන් සහාය දක්වන බවය.
කඩා වැටුණු මෙම ගුවන් යානය ඇමෙරිකාවේ බෝයිං සමාගමට අයත් ඩ්‍රීම්ලයින් වර්ගයේ ගුවන් යානයකි.
යානයේ, ගමන් කරමින් සිටි 242 දෙනාගෙන් 169 දෙනකු ඉන්දීය ජාතිකයන් වන අතර, 53 දෙනකු බ්‍රිතාන්‍ය ජාතිකයන් ය. ඊට අමතරව, එක් කැනේඩියානුවෙක්, පෘතුගීසි ජාතිකයන් 7 දෙනකු සිටින බව පැවැසෙයි.
(අල් ජසීරා)