(සුජිත් හේවාජුලිගේ)
පොහොර ප්‍රශ්නය ඇතුළු විවිධ ගැටළු හේතුවෙන් මෙවර යල කන්නයේ අස්වැන්න අඩකින් පමණ පහළ බසිනු ඇතැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා පැවසීය.
එළඹෙන මහ කන්නය සඳහා වගා කටයුතු නිසි පරිදි සැලසුම් නොකළහොත් කෘෂි ආර්ථිකය ගැන බලාපොරොත්තු තබා ගත නොහැකි වන බව සඳහන් කළ මහාචාර්යවරයා මේ සම්බන්ධයෙන් ගොවීන් දිරිමත් කිරීම වැදගත් බවද ප්‍රකාශ කළේය.