යදාස රාජපක්ෂ


(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙනවිත්  නීතිපතිවරයා ධුරයෙන් ඉවත් කිරීමට නීතිඥවරුන් ලෙස තීරණයකට එළඹ ඇතැයි කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා(පොපෙ) පාර්ලිමේන්තුවේ දී අද (6)පැවසීය .

මල්වානේ නඩුවේ දී නීතිපතිවරයා කටයුතු කළේ කෙසේ දැයි හොඳටම තහවුරු වූ බව කී වි⁣ජයදාස රාජපක්ෂ මහතා නීතිපතිවරයා ඉදිරියටත් මෙලෙස කටයුතු කළහොත් දෝෂාභියෝගයක් ගෙනැවිත් තනතුරෙන් ඉවත් කිරීමට තීරණය ගෙන තිබෙන බවද සඳහන් කළේය.

රටේ වත්මන් තත්ත්වය පිළිබඳ පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් විජයදාස රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේය.