
(මොහොමඩ් ආසික්)
යතුරුපැදි ඇතුළු වාහනවල, ව්‍යාජ චැසි අංක සහ ඇන්ජින් අංක වාත්තු කරන ගරාජයක් අලවතුගොඩ පොලිසිය අද (26 ) වටලා තිබේ.
අලවතුගොඩ පොලිසියට ලැබුණු තොරතුරක් මත අකුරණ ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන ගරාජයක් වටලා පරීක්ෂණ සිදු කරනු ලැබ තිබේ.
එහිදී එම ගරාජයේ ව්‍යාජ ලෙස ඇන්ජින් අංක සහ චැසි අංක වාත්තු කර තිබූ යතුරු පැදියක් පොලීසිය මගින් සොයා ගෙන ඇත.
මේ සම්බන්ධයෙන් ගරාජයේ හිමිකරුගෙන් වැඩි දුර විමර්ශනය කිරීමේදී එම ගරාජයේ තිබී ව්‍යාජ ලෙස අංක වාත්තු කිරීම සඳහා යොදා ගන්නා අක්ෂර 89 ක් මිටියක් ඇතුළු උපකරණද සොයා ගැනීමට පොලීසිය සමත්ව ඇත.
ඉවත් කරනු ලබන වාහන හෝ යතුරු පැදිවල ලියාපදිංචි සහතිකය සොයා ගෙන එයට අනුකූලව කුමක් හෝ ක්‍රමයකින් සොයා ගන්නා වාහනයක හෝ යතුරු පැදියක චැසි සහ ඇන්ජින් අංක වෙනස් කර වාත්තු කිරීම මෙහි සිදු කර ඇති බව පොලිසිය හෙළි කර ගෙන තිබේ.
මෙම ගරාජයේ ඒ වන විටත් ව්‍යාජ ලෙස චැසි සහ ඇන්ජින් අංක වාත්තු කර තිබූ යතුරුපැදියක් පොලිසිය මගින් සොයා ගෙන ඇති අතර එය කළු සහ රතු මිශ්‍ර වර්ණයෙන් යුත් ඩිස්කවර් වර්ගයේ යතුරුපැදියකි.
මෙම යතුරු පැදියේ හිමිකරු සිටින්නේ නම් ළඟම පොලීසියට හෝ අලවතුගොඩ පොලීසියට ඉදිරිපත් වන ලෙස පොලීසිය ඉල්ලා සිටී.
මෙම ගරාජයේ මෙයට පෙරත් වාහන සහ යතුරුපැදිවලට මෙලෙස ව්‍යාජ අංක වාත්තු කරන්නට ඇති බව පොලීසිය විශ්වාස කරයි.
මේ සම්බන්ධයෙන් ගරාජයේ හිමිකරු අත් අඩංගුවට ගනු ලැබ ඇති අතර ඔහු අද (26 ) වැනිදා මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව තිබිණ.
වාහන අංක තහඩු ව්‍යජ ලෙස සකසන ගරාජයක් වටලයි.




