යක්කල අනතුරකින් අඹුසැමි යුවළක් මරුට


 

(තිලකරත්න දිසානායක)

යක්කල  - කිරිදිවැල මාර්ගයේ යක්කල පොල ඉදිරිපිට විදුලි රැහැන් කණුවක මෝටර් රථයක් ගැටී රථය දෙකඩ වීමෙන් එහි ගමන්ගත් අඹු සැමි යුවළ මිය ගොස් දරු දෙදෙනා සහ රියදුරු තුවාල ලබා රෝහල්ගත කළ බව පොලිසිය පවසයි. 

මෙම අනතුරින් මියගොස් ඇත්තේ යක්කල,කිනිගම පදිංචි  43 සහ 40 හැවිරිදි වයස්වල පසුවන අඹුසැමි යුවළකි. 

අඹුසැමි යුවළ සමඟ දරු දෙදෙනා බදුල්ලේ සිට බස් රථයකින් පැමිණ යක්කල නගරයෙන් බැස ඥාතියකුගේ කාරයකින් නිවස බලා යමින් සිටියදී මෙලෙස අනතුරට ලක්ව තිබේ.

රථය පැදවූ පුද්ගලයා බීමතින් සිට ඇති බව අනාවරණය වී ඇති බවත් පොලීසිය සදහන් කරයි. 

අනතුරින් තුවාල ලැබූ 13 සහ  20 හැවිරිදි දියණියන් දෙදෙනා ප්‍රතිකාර සඳහා ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුලත් කර ඇති බවත් රියදුරා ගම්පහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරු කර යවා ඇති බවත් යක්කල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුමිත් සුසන්ත මහතා පැවසීය. 

මියගිය අයගේ සිරුරු ගම්පහ රෝහල් මෘත ශරීරාගාරයේ තබා ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු අද (24) සිදු කිරීමට නියමිතය.