
(අංජුල මහික වීරරත්න)
අනුරාධපුර පූජනීය නගරය සංවර්ධනය කිරීම සඳහා ඉන්දියාවේ අඛණ්ඩ සහයෝගය ලබාදෙන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර ශ්‍රී මෝදි මහතා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය හමුවේ පවසා තිබේ.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ නව දිල්ලි නුවර දී හරිනි අමරසූරිය මෙනවිය හමු වූ අවස්ථාවේදීය.
දෙරටේ සංවර්ධන ගමනේදී හවුල්කාරිත්වයෙන් යුතුව කටයුතු කිරීමට ඉන්දීය රජය කැපවී ක්‍රියා කරන බවටත්, ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යාම සහ ඩිජිටල් පාලනය ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකාවට නිරන්තර සහයෝගය ලබාදෙන බවත් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා එහිදී අවධාරණය කර ඇත.
එළඹෙන දීපවාලි උත්සවය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ උණුසුම් සුබ පැතුම් අගමැති මෝදි වෙත ප්‍රකාශ කරන බව මෙහිදී අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය ප්‍රකාශ කර තිබෙි.

