ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි දෙදින සංචාරයක් සඳහා සයිප්‍රසයට ගොස් සිටී.
මෝදි සයිප්‍රසය බලා ගියේ, කැනඩා අග්‍රාමාත්‍ය මාර්ක් කාර්නිගේ විශේෂ ආරාධනාවකට අනුව, එරට පැවැත්වෙන 'ජී7' සමුළුවට සහභාගීවීමට යන අතරතුරේය.
සයිප්‍රසයේ ජනාධිපති නිකොස් ක්‍රිස්ටෝඩෝලිඩීස් සමඟ සාකච්ඡා පවත්වමින් සබඳතා ශක්තිමත් කර ගැනීමට මෝදි සමත් විය. සයිප්‍රස් ජනපති, අග්‍රාමාත්‍ය මෝදි පිළිගනු ලැබුවේ ගුවන්තොටුපොළට යමිනි.
දශක දෙකකට පසු ඉන්දීය අගමැතිවරයකු සයිප්‍රසයට පැමිණි පළමු අවස්ථාව මෙයයි. සයිප්‍රසය යනු මධ්‍යධරණී කලාපයේ පිහිටි දූපත් රාජ්‍යයකි. සයිප්‍රසය ඉන්දියාවේත්, යුරෝපා සංගමයේත් සමීප මිතුරකු සහ වැදගත් හවුල්කරුවෙකු බව පැවැසෙයි.
(අල් ජසීරා)