මෝදි පාර්ශ්වයෙන් අගමැති මහින්දට සුබපැතුම්


(තිළිණි ද සිල්වා)

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ පාලක පක්ෂය වන භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙකු වන සුබ්‍රමනියම් ස්වාමි, නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට සුබ පැතුම් එක් කර ඇත.

භාරතීය ජනතා පක්ෂයේ රාජ්‍ය සභා නියෝජිතයෙකු ද වන සුබ්‍රමනියම් ස්වාමි නව අග්‍රාමාත්‍යවරයා දිවුරුම්දීමේ දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ ඊයේ සංසරණය වෙද්දී, ස්වාමි මහතා ට්විටර්  පණිවුඩයක් නිකුත් කළේ තම මිත්‍ර මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් බව පවසමිනි.

මහින්ද රාජපක්ෂ මහතා ඉකුත් මාස⁣⁣යේදී භාරතීය ජනතා පක්ෂයේ සැමරුම් උත්සවයකට ගියේ ඔහුගේ ඇරයුම් පරිදිය.ඒ අතරවාරයේදී රාජපක්ෂ මහතා සහ ඉන්දීය අගමැති අතර විශේෂ හමුවක්ද පැවැත්විණි.