මොළේ උණ රෝගීන් 250ට නගී


(සුජිත් හේවාජුලිගේ)

මෙනින්ජයිටීස් (මොළේ උණ) බවට සැකකරෙන රොගීන් 250 දෙනකු දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

දෙණියාය, රිකිල්ලගස්කඩ, දියතලාව, වැලිමඩ හා මහනුවර යන ප්‍රදේශවලින් මෙලෙස රෝගීන් වාර්තා වී ඇති බව එහි වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ හරේන්ද්‍ර දසනායක මහතා පැවසීය.

කෙසේ වෙතත් ඉන් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ රෝගීන්ගෙන් 50 කටත් වඩා අඩු පිරිසකි.

ප්‍රජා වෛද්‍ය විශේෂඥ හරේන්ද්‍ර දසනායක මහතා වැඩිදුරටත් පැවසුවේ එන්ටරෝ වයිරස් කාණ්ඩයට අයත් වෙයිරසයකින් මේ මෙනින්ජයිටීස් රෝගය පැතිර යන බවට හඳුනාගෙන ඇති බවයි.

ඒ අනුව රෝගය වැළඳීමෙන් ආරක්ෂා වීම සඳහා නිසි සෞඛ්‍ය පුරුදු අනුගමනය කළ යුතු බවද දසනායක පැවසුවේ ය.