මොරවැව ආණ්ඩු පක්ෂ තේ පැන් සංග්‍රහය විපක්ෂය වර්ජනය කරයි


(අමදෝරැ අමරජීව )

ජාතික ජන බලවේගයට බලය හිමි මොරවැව ප්‍රාදේශීය සභාවෙහි මංගල සැසිවාරය පැවැති අද සභා රැස්වීමෙන් අනතුරුව පැවැති තේපැන් සංග්‍රහය විපක්ෂය  වර්ජනය කිරීම විශේෂත්වයක් විය.

ප්‍රාදේශීය සභාවේ සභාපති ධනුෂ්ක කළුපෙරුම මහතා ඇතුළු මන්ත්‍රී කණ්ඩායම සභාවේ අරමුදල් භාවිතා නොකර සභිකයන්ගේ පුද්ගලික මුදල්වලින් මෙම තේ පැන් සංග්‍රහය සූදානම් කර එයට විපක්ෂයට ආරාධනා කර තිබුණි .

මංගල සැසිවාරයෙන් අනතුරුව පැවති තේපැන් සංග්‍රහය වර්ජනය කිරීම සම්බන්ධයෙන් මාධ්‍යයට අදහස් දැක්වූ විපක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ දැනට නායකත්වය දරන යූ.එම්.කේ.ජී.රත්නායක මහතා පැවසුවේ සභා අරමුදල් භාවිතා නොකර පුද්ගලික වියදමින් තේපැන් සංග්‍රහය පැවැත්වීම සම්බන්ධයෙන් තමාගේ විරුද්ධත්වයක් නැති බවය.

ජනතා අරමුදල් අවභාවිතා කිරීමට තම කණ්ඩායමද විරුද්ධ බවත් පුද්ගලික මුදලින් පැවැත්වූ තේ පැන් සංග්‍රහයට තම කණ්ඩායමද හවුල් කර නොගැනීම නිසා එයට විරෝධය දැක්වීමක් කළ බවය.