(රේඛා තරංගනී ෆොන්සේකා)
මොරටුව පොලිස් බල ප්‍රදේශය ආවරණය වන පරිදි හදිසියේ පැය හතරකදී සිදුකළ අපරාධ වැටලීම් මෙහෙයුමක දී මත්ද්‍රව්‍ය,රථවාහන,අධිකරණ වරෙන්තු වැරදි සම්බන්ධයෙන් සැකකරුවන් 28 දෙනෙකු අද (14) අත්අඩංගුවට ගත් බව මොරටුව පොලිසිය කියයි.
පොලිස්පතිවරයාගේ විශේෂ උපදෙස් මත හදිස්සියේ මෙම වැටලීම සිදු කළ බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර හොර මත්පැන් ලීටර් 15 සමග සැකකරුවන් 9 දෙනෙක්, හෙරොයින් මිලි ග්‍රැම් 250 ළඟ තබාගත් සැකකරුවන් 5 දෙනෙකු, වරෙන්තුකරුවන් 10 දෙනකු, මෙන්ම රථ වාහන වැරදි සම්බන්ධයෙන් සැකකරුවන් 4 දෙනෙකු ද ත්අඩංගුවට ගත් බව මොරටු පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් වරෙන්තුකරුවන් අතර ගෙවල් බිඳුම් රාශියකට සම්බන්ධ බව කියන සැකකරුවෙකු ද සිටින බව පොලිසිය පැවසීය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් මොරටුව එගොඩ උයන, අඟුලාන,කොරළවැල්ල,රාවතාවත්ත,පිළියන්දල යන ප්‍රදේශයන්හි පදිංචිකරුවෝ වෙති.
සැකකරුවන් මොරටු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද පොලිසිය පවසයි.

