(රේඛා තරංගනී ෆොන්සේකා)
මොරටුව සොයිසා පුර මහල් නිවාස පද්ධතියේ සී බ්ලොග් එකේ නිවසක් තුළ ඇති වූ ගින්නකින් වයස අවුරුදු 20ක ක පමණ තරුණයකු පිළිස්සුම් තුවාල ලබා දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව මොරටුව ගිනි නිවන ඒකකයේ ස්ථාන බාර නිලධාරී කේ.පි.ඩී.එන්. දුල්සිරි කුමාර මහතා පවසයි.
මොරටුව මහ නගර සභාවේ ගිනි නිවන රථ දෙකක් යොදා ගනිමින් ගින්න පාලනය කළ බව සඳහන් කරන ඒ මහතා ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැතැයි ද පොලිසිය පවසයි.