
(අංජුල මහික වීරරත්න)
ප්‍රතිසංස්කරණය කරන ලද මරදාන දුම්රිය ස්ථානයේ පලමු අදියර අද(25)විවෘත කෙරිණි. Clean Sri Lanka ජාතික වැඩ සටහන මගින් ක්‍රියාත්මක කරන "සිහින ගමනාන්තය" දුම්රිය ස්ථාන සියයක් නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය යටතේ මරදාන දුම්රිය පොළ නවීකරණය කෙරෙයි.
මීට මාස හතකට පමණ පෙර මරදාන දුම්රිය ස්ථානයේ ද නවීකරණ කටයුතු ආරම්භ කෙරිණි. ප්‍රවාහන සහ මහා මාර්ග අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීම සිදු කෙරිණි.


