
(අංජුල මහික වීරරත්න)
මේ වසර ඇතුළත ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන 300ක් පිහිටුවීමට සැලසුම් කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
2027 වසරේ මධ්‍යස්ථාන 450ක් සහ 2028 වසරේ මධ්‍යස්ථාන 250ක් ලෙස ආරම්භක අදියරේ දී මධ්‍යස්ථාන දහසක් සම්පුර්ණ කරන බව අමාත්‍යංශය කියයි.
සෞඛ්‍ය ප්‍රවර්ධනය, රෝග නිවාරණය, රෝග ප්‍රතිකාර, රෝග පුනරුත්ථාපනය සහ සහන වෛද්‍ය සේවාව ප්‍රාථමික සෞඛ්‍ය සේවාවේ ස්ථාපිත කරමින් දිවයින පුරා මෙම“ආරෝග්‍යා” සුවතා මධ්‍යස්ථාන පිහිටවනු ලබයි.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ උපදෙස් හා මඟපෙන්වීම "සුවපත් රටක් උදෙසා" (HEALTHY SRI LANKA) ජාතික වැඩපිළිවෙළ යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

