මෙරට නිපදවු ගිනිඅවියක් සමග පුද්ගලයකු අත්අඩංගුවට


(අජන්ත කුමාර අගලකඩ)

මෙරට නිෂ්පාදිත ගිණිඅවියක් අනවසරයෙන් ළඟ තබාගත් පුද්ගලයකු මල්ලාවි පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

මල්ලාවි අයියන්කුලම් ප‍්‍රදේශයේදී පොලීසිය කළ සෝදිසි මෙහෙයුමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

49 හැවිරිදි මෙම සැකකරු පුත්තුවෙට්ටුවාන් ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, සැකකරු අද (09) මුලතිව් මහේස්ත‍්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.