(සුජිත් හේවාජුලිගේ )
කොවිඩ් පැතිරීම පාලනය කිරීමේ පියවරක් ලෙස රටපුරා තවත් දින පහක් සංචරණ සීමා පැනවීමට රජය තීරණය කර ඇත.
මේ අනුව ලබන 21වැනිදා සිකුරාදා රාත්‍රී 11.00සිට 25 වැනිදා අඟහරුවාදා අලුයම 4 දක්වාත් ඊට පසු 25වැනිදා රාත්‍රී 11.00 සිට 28 වැනිදා සිකුරාදා අලුයම 4 දක්වාත් රටපුරා සංචරණ සීමා පැනවෙන බව කොවිඩ් 19 පාලනය කිරිමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය .
රජය මෙම තීරණය ගෙන ඇත්තේ සෞඛ්‍ය බලධාරීන් හා විශේෂඥයින් පිරිසක් සමග ඊයේ (17)පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුවය.
මෙම සංචාරණ සීමා පැනවෙන්නේ වෙසක් සමයේදී ජනයා ඒකරාශී වීම වැළැක්වීම සඳහා යයි සෞඛ්‍ය බලධාරීහු පවසති.
කොවිඩ් පැතිරීම පාලනය කිරීම සඳහා පසුගිය 13 වැනිදා රාත්‍රියේ සිට ඊයේ(17)අළුයම දක්වා ද රටපුරා සංචරණ සීමා ක්‍රියාත්මක විය.
මේ අතර පළාත් අතර සංචරණ සීමාද රාත්‍රී 11 සිට අළුයම4.00දක්වා වූ සංචරණ සීමාද ලබන 31වැනි දා දක්වා අඛණ්ඩවම ක්‍රියාත්මක වන බව කොවිඩ් 19 පැතිරීම පාලනය කිරීම සඳහා වූ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි .
සංචරණ සීමා පැනවෙන කාලසීමාවන්හිදී එම නීති කඩන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් නිලධාරින් විසි දහසක් පමණ රටපුරා සීරුවෙන් තැබෙන බව පොලිස් මූලස්ථානය පවසයි.
මේ අතර හැඳුනුම්පතේ අංක අනුව නිවෙස්වලින් බැහැර වීමේ ක්‍රමවේදයද ලබන 24 වැනිදා සිකුරාදා සිට ක්‍රියාත්මක නොවන බව පොලිසිය පවසයි.

