මෙට්‍රෝ බස් 104ක් දිවයිනට


(අංජුල මහික වීරරත්න)

පොදු ප්‍රවාහනය වැඩිදියුණු කිරීමේ මූලික පියවරක් ලෙස නවීන සහ සුවපහසු, දියුණු තාක්ෂණය සහිත බස් රථ නියමු ව්‍යාපෘතියක් හදුන්වාදීමේ වැඩපිළිවෙළ යටතේ ආනයනය කළ මෙට්‍රෝ බස් රථ 104ක් රැගත් නෞකාව අද (29) පස්වරුවේ කොළඹ වරාය වෙත ළගා විය.

2025 අයවැය යෝජනා අනුව මෙම බස් සේවය ක්‍රියාත්මක කෙරෙයි

මෙම බස් රථ ලබන සැප්තැම්බර් මාසයේ සිට කොළඹ නගර ප්‍රදේශයේ ධාවනය සඳහා එක් කිරීමට නියමිතය.