මූල්‍ය වංචාවක් සම්බන්ධ නඩුවකින් රන්ජන් නිදොස්කොට නිදහස්


(මොහොමඩ් ආසික්)

 මහනුවර ප්‍රදේශයේ  කාන්තාවකට විවාහ පොරොන්දු ලබා දී මූල්‍ය වංචාවක් සිදු කළ බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ  ජනප්‍රිය නළු රන්ජන් රාමනායක මහතාට එරෙහිව පවරා තිබූ නඩුවෙන් ඔහු නිදොස් කොට නිදහස් කිරිමට මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත් චාමර වික්‍රමනායක මහතා  අද( 12) නියෝග කළේය.

මහනුවර ප්‍රදේශයේ කාන්තවකට විවාහ පොරාන්දුවක් ලබා දී  රුපියල් ලක්ෂ 10 ක මුදලක් වංචා කළ බවට එම කාන්තාව විසින් පොල‍ීසියට සිදු කරන ලද පැමිණිල්ලක් අනුව මෙම නඩුව ගොනු කර තිබිණ.

වසර 13 ක පමණ කාලයක් මෙම නඩුව මහනුවර මහේසත්‍රාත් අධිකරණයේ සහ අතිරේක( 01)  මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වූ  අතර ඒහි  තීන්දුව අද 12 වනදා වස්වරු 1.45 ට ප්‍රකාශ කරනු ලැබුවේ මහනුවර ප්‍රධාන මහෙස්ත්‍රාත් චාමර වික්‍රමනායක මහතා විසින් විවෘත අධිකරණයේදීය.