(අමදෝරැ අමරජීව)
මුතුර් ඉරැදියපුරම්හි අලුතෙන් විවෘත කළ මත්පැන් හලකට විරුද්ධව පෙරේදා (25) රාත්‍රී පැවති උද්ඝෝෂණයක් අතර තුර උද්ඝෝෂකයන් එල්ල කළ ගල් ප්‍රහාරයකින් රටබීමහලේ ආරක්ෂාවට සිටී උප පොලිස් පරීක්ෂකවරයකු හා පොලිස් සැරයන්වරයකු තුවාල ලබා රෝහල් ගත කල බව මූතූර් පොලිසිය පවසයි .
උද්ඝෝෂණයේ යෙදුණු කාන්තාවක ද පොලිසියෙන් පහර දුන් බව කියමින් මුතූර් රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබන බව රෝහල් පවසයි . එම කාන්තාවට සුළු තුවාල ඇතැයි ද රෝහල් ප්‍රකාශකයෙක් කීය.
මත්පැන් මිලදී ගැනීමට පැමිණි පුද්ගලයකුට උද්ඝෝෂණයේ යෙදි සිටි පිරිස් ඔහු වටකර විරෝධය දක්වද්දී මෙම කාන්තාව බිම ඇද වැටුණු බව පොලිසිය පවසයි. එම අවස්ථාවේදී ප්‍රකෝපවු පිරිස් පොලිසියට ගල් මුල් ප්‍රහාරයක් එල්ල කර ඇති අතර එයට සම්බන්ධ 11 දෙනකු අඩංගුවට ගත් බවද පොලිසිය පැවසීය .

