මුළු මැතිසබයම අද රෝස යායක් වෙයි


(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

පියයුරු  පිළිකා  මාසය නිමිති කරගෙන එම රෝගය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ පියවරක් ලෙස  සියලුම මන්ත්‍රීවරියන් සහ පාර්ලිමේන්තු සේවිකාවන් රෝස පාට  සාරි වලින් සැරසී පාර්ලිමේන්තුවට අද  පැමිණ සිටීම විශේෂ සිද්ධියක් විය.

මන්ත්‍රීවරුන්ද ඒ සම්බන්ධ ලාංඡනයක් පැළඳ පැමිණ සිටිනු දැකගත හැකි විය.

එම ලාංඡනය බෙදා දෙනු ලැබුවේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියන්ගේ සංසදය විසිනි.