මුහුදේ පාවෙමින් තිබූ මත්ද්‍රව්‍ය තොගයක් නාවික හමුදා බාරයට


(පද්මසිරි ගාර්දියවසම්) 

තංගල්ල රැකව මුහුදු තීරයෙන් එහා ඈත දියඹේ පාවෙමින් තිබූ මත්ද්‍රව්‍ය මළු 30 පමණ තංගල්ල නාවික හමුදාවේ මුර යාත්‍රාවකට අද (14) පෙරවරුවේ  හමුවී ඇතැයි පොලිසිය පවසයි . 

 නාවික හමුදාවේ මුර යාත්‍රාවේ සිටි නාවික නිළධාරින් විසින් එම මත්ද්‍රව්‍ය තොගය ගොඩබිමට රැගෙන එන බවත් එය තංගල්ල ධීවර වරායට රැගෙන ඒමට නියමිත බවත් පොලිසිය කියයි . 

මුහුදේ පාවෙමින් තිබූ මත්ද්‍රව්‍ය තොගය අයිස් මත්ද්‍රව්‍ය විය හැකි බවත් පොලිසිය පවසයි . 

තංගල්ල මූලස්ථාන පොලිසියේ නිළධාරින් මේ වනවිට තංගල්ල ධීවර වරායේ රැඳී සිටිති .