මුහුදේ ගිලී සිසුවා අතුරුදන්


(රවින්ද්‍ර ලියනගේ )

වයික්කාල වෙල්ලමංකරය දේවස්ථානය  අසල  මුහුදේ  මිතුරන් තිදෙනකු සමග  දිය නාමින් සිටි 16  හැවිරිදි පාසැල් සිසුවෙකු දිය රළකට හසුවි අතුරුදහන් වි ඇතැයි වෙන්නප්පුව මුලස්ථාන පොලිසිය කියයි.

මෙම සිද්ධියෙන් අතුරුදහන් වි ඇත්තේ කිරිමැටියාන හාල්දඩුවන ප්‍රදේශයේ පදිංචි හසිත වාසල බණ්ඩාර  නැමැති 16  හැවිරිදි පාසැල් සිසුවෙකි.

මොහු පසුගිය සතියේ පැවැති සාමාන්‍ය පෙළ විභාගයට පෙනි සිටි අයකු බව පොලිසිය කියයි.

පාසැල් මිතුරන් තිදෙනකු සමග  මුහුදේ සිය නාමින් සිටි 16 හැවිරිදි සිසුවා එකවර මුහුදේ ගිලි අතුරුදහන්වි ඇති බව පොලිසිය කියයි.

පසුව ප්‍රදේශවාසින් හා ධිවරයින් පිරිසක් එක්වි මුහුදේ  සෝදිසි  මෙහෙයුමක් දියත් කළද අතුරුදහන් වු සිසුවා ගැන කිසිදු හෝඩුවාවක් නොමැති බවද පොලිසිය කියයි.

 නාවික හමුදාවේ  කිමිදුම්කරුවන් ගෙන්වා  අතුරුදහන් වි ඇති සිසුවාගේ සිරුර සෙවිමට පොලිසියට කටයුතු කරමින් සිටි.