
(පද්මසිරි ගාර්දියවසම්)
කිරින්ද වෙරළ තීරයේදී බඩල්කුඹුර ප්‍රදේශයේ විදුහලක විදුහල්පතිවරයා මුහුදේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇතැයි කිරින්ද පොලිසිය පැවසීය.
අධ්‍යාපන චාරිකාවක පැමිණි එම විදුහලේ සිසුන් සහ ගුරුවරු කිහිප දෙනෙකු මුහුදේ නාමින් සිටියදී එක් සිසුවියක ජල පහරකට හසුව මුහුද දෙසට ඇදී ගොස් ඇත.
විදුහල්පතිවරයා මුහුදට පිහිනා ගොස් සිසුවිය බේරාගැනීමට තැත්කිරීමේදී දෙදෙනාම මුහුදේ ගිලී ඇතැයි පොලිසිය කීවේය.
පසුව පොලිස් ජීවිතාරක්ෂක නිළධාරින් සහ ගම්වාසීන් එක්ව දෙදෙනා බේරාගෙන සවස 05 ට පමණ දෙබරවැව මූලික රෝහලට ඇතුළත් කර තිබේ.
එහිදී විදුහල්පතිවරයා ජීවිතක්ෂයට පත්ව ඇතැයි රෝහල් ආරංචි මාර්ග පැවසීය .

