
(එච් චන්දන )
නිශ්චිතවම හදුනාගැනීමට නොහැකි විශාල ප්‍රමාණයේ උපකරණයක් හලාවත වෙරළට ගොඩ ගසා ඇති බව හලාවත පොලීසිය කියයි.
හලාවත - ඉරණවිල මාර්ගයේ පිහිටා ඇති වෙරළ ආරක්ෂක බළකායේ කදවුරට ආසන්නයේ වෙරළට මෙය ගොඩ ගසා ඇති බව අද උදැසන වෙරළ ආරක්ෂක නිලධාරීන් විසින් දැක තිබේ.
අඩි 10 – 15 ක් පමණ උස මෙම උපකරණය බෝයාවක් වීමට හැකි බව මෙය දුටු ප්‍රදේශවාසීහු සදහන් කරති.
මෙම උපකණය මුහුදේ යාත්‍රා කරන නැව් වළට ගමන් මාර්ගය පෙන්වීම සදහා යොදා ගන්නා බවට තවත් පිරිසක් සදහන් කරන අතර මෙම උපකරණය නිෂ්චිතවම මෙතෙක් හදුනා නොමැත.


