(රංජිත් රාජපක්ෂ)
කිරින්ද මුහුදු වෙරළ තිරයේදි ඉකුත් 22 දින සැඩ රළ පහරට හසු වී අසාධ්‍ය තත්ත්වයෙන් කොළඹ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි හැටන් සාත්තු නිවාස පාරේ පදිංචිව සිටි හසිනි විජේසුරිය මහත්මිය ජීවිතක්ෂයට පත් වූ බව හසිනි විජේසුරිය මහත්මියගේ ඥාතීහු පවසති.
ඊයේ (29) රාත්‍රියේ ඇය මිය ගොස් තිබේ.
හසිනි විජේසුරිය මහත්මිය නුවරඑළිය නගරයේ පෞද්ගලික බැංකු ශාඛාවක විධායක නිලධාරිනියක් වශයෙන් සේවය කළ අතර එම බැංකු ශාඛාවේ සෙසු නිලධාරින් සහ හසිනි විජේසුරිය මහත්මියගේ සැමියා දියණියන් දෙදෙනා සමඟ යාල ප්‍රදේශයේ විනෝද චාරිකාවක නිරත සිටියදී මෙම සිදුවීමට මුහුණ දුන්හ.
සැඩ පහරට හසු වු හසිනි විජේසුරිය මහත්මිය අසාධ්‍යය තත්ත්වයේ සිටි නිසා තිස්සමහරාම රෝහලේ සිට අම්පාර මුලික රෝහල වෙත මාරු කර යවා එම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදි හසිනි විජේසුරිය මහත්මියගේ ඥාතින් විසින් ඇය කොළඹ පෞද්ගලික රෝහලක් වෙත රැගෙනවිත් තිබිණි.
හසිනි විජේසුරිය මහත්මියගේ සැමියා සහ දියණියන් දෙදෙනාගේ අවසන් කටයුතු ඉකුත් 25 දින හැටන් කුඩාගම පොදු සුසාන භුමියේදි කර හත් දවසේ දානමය පිංකම පවුලේ ඥාතීහු සහ හිතවත්හු විසින් ඊයේ (29) රාත්‍රි හැටන් නිවසේදී කළහ.
මිය ගිය හසිනි විජේසුරිය මහත්මියගේ අවසන් කටයුතු පසුව දැනුම් දෙන බව පවුලේ ඥාතීන් සඳහන් කරයි.


