මුහුදට යන කුණු ගැන කෝප් කමිටුවේ නොසතුට


(සුජිත් හේවාජුලිගේ)

කොළඹ දිස්ත්‍රික්කයේ මෝදර හා වැල්ලවත්ත ස්ථානවලින් සාගරයට විශාල වශයෙන්  අපද්‍රව්‍ය බැහැර කිරීම පිළිබඳව  කෝප් කමිටුවේ දැඩි අවධානය  යොමුවී ඇත.

මේ පිළිබද සොයා බලා වාර්තාවක් මාස තුනක්  ඇතුළත ලබා දෙන ලෙස කෝප් කමිටුවේ සභාපති  මහාචාර්ය චරිත හේරත් මහතා අමාත්‍යාංශ ලේකම්වරයාට නිර්දේශ කළේය.

මේ තත්වය වහාම වැළැක්වීමට පියවර ගත යුතු බව කමිටුව පෙන්වා දුන්නේය.