
(තුසිත කුමාර ද සිල්වා)
මෙවර පැවති අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් බුද්ධ ධර්මය, සිංහල ඇතුළු විෂයන් නවයටම ‘‘ඒ‘‘ සමාර්ථ ලබාගැනීමට අලුත්ගම දර්ගා නගරය ලොටස් පාරේ පදිංචි මොහොමඩ් රිෆ්කාන් මොහොමඩ් අර්මාශ් සිසුවා සමත් විය.

මූලික අධ්‍යාපනය ලැබූ අලුත්ගම මහා විද්‍යාලයට සහ දැනට අධ්‍යාපනය ලබන ලුම්බිණි මහා විද්‍යාලයට මහත් ගෞරවයක් අත්කර දීමට එම සිසුවා සමත් වී තිබේ .
,,මේ ජයග්‍රහණයේදී මා සමඟ සෙවණැල්ලක් සේ සිටි මාගේ මව පියා මෙන්ම මගේ පන්තිභාර ගුරු ස්වාමීන් වහන්සේ වන ගැටමානේ තිස්ස හිමියන් මෙන්ම විදුහල්පති ප්‍රියන්ත කරුණාරත්න ගුරුපියාණන් ඇතුළු සමස්ත ගුරුභවතුන් ප්‍රථමයෙන් මා සිහි කරනවා .
මගේ පියා දර්ගා නගරය නාකන්දලගොඩ ශ්‍රී ඤාණිස්සර මහා විද්‍යාලයෙන් සිංහල මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබා උසස්පෙළ සමත් වුණා තාත්තා අප සමග නිතරම කියනවා. ඒක ඇහුවාහම මටත් ලොකු ආශාවක් ඇති වුණා එවැනි ජයක් ගන්න.
මම පළමු වසරේ සිට පස් වැනි ශ්‍රේණිය තෙක් අලුත්ගම මහා විද්‍යාලයෙන් ඉගෙන ගත්තා. එහිදී ශිෂ්‍යත්වය හොඳින් සමත් වී ලුම්බිණි විද්‍යාලයට ඇතුළත් වුණා.
කොරෝනා වසංගත තත්ත්වය මැද වුවද ඉගෙණුම් කටයුතු හොඳින් සිදු කර මේ ජයග්‍රහණය අත් කර ගත්තා

