නිමන්ති රණසිංහ
ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර යන මහත්වරුන් වෙත අධිකරණයෙන් පනවා තිබූ විදෙස් ගමන් තහනම් කිරිමේ නියෝගය ඉවත් කිරිමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (26) නියෝග කළේය.
නිදහස් පෙරමුණේ සාමාජිකයන් සඳහා ජනාධිපති කාර්යාලය කුලී පදනම මත වාහන ලබාදීමේ සිද්ධියට අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේ දී එම නියෝග නිකුත් කරනු ලැබීය.
මෙම සිද්ධියේ සැකකරුවන් වූ මොහොමඩ් මුසම්මිල්, සරත් වීරවංස, ජයන්ත සමරවීර, හේමන්ත පෙරේරා සහ සේනාරත්න ද සිල්වා අද අධිකරණය හමුවේ පෙනී සිටියහ.
සිද්ධිය සම්බන්ධයෙන් වූ වැඩිදුර මහේස්ත්‍රාත් පරීක්ෂණය මාර්තු මස 31 වැනිදා පැවැත්වීමට නියමිතය.

