මුලතිව් කැලෑවක වූ පිපිරීමකින් අයෙක් මරුට


( රොමේෂ් මධුෂංඛ)

මුලතිව් නට්ටාන්කණ්ඩල් පොලිස් වසමේ සිරාට්ටිකුලම් ප්‍රදේශයේ කැලෑවක සිදු වූ පිපිරීමකින් පුද්ගලයෙකු මිය ගොස් ඇති බවට පොලීසිය පවසයි.

සිරාට්ටිකුලම් ප්‍රදේශයේ පිහිටි කැලෑවක් තුළට ගිය පුද්ගලයෙකු කිසියම් පිපිරීමටකට හසුව බරපතල තුවාල ලබා මල්ලාවි රෝහලට රැගෙන යාමෙන් අනතුරුව මිය ගොස් ඇති බවටද පොලීසිය පැවසීය.

මිය ගොස් ඇත්තේ නට්ටාන්කණ්ඩල් උලවනේරි ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි ධර්මලිංගම් ඉලංකෝ නැමති අයෙකි.

මෙම පුද්ගලයා කැලෑවට ගිය හේතුව මෙතෙක් අනාවරනය වී නොමැති අතරම පුපුරා ගොස් ඇත්තේ බෝම්බයක්ද යන්න පිළිබඳව සෙවීමේ පරික්ෂණ කටයුතු අද (10) සිදුකරන බව නාට්ටාන්කණ්ඩල් පොලීසිය පැවසීය.

මරණය සම්බන්ධයෙන් නට්ටාන්කණ්ඩල් පොලීසිය වැඩිදුර පරික්ෂණ සිදුකරයි.