(සුමිත් පොතුපිටිය)
වස්කඩුව ඇගළුම් කර්මාන්ත ශාලාවක ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වෙමින් තිබූ මුද්‍රණ යන්ත්‍රයක හිස ගැටීමෙන් අද අළුයම තරුණයෙකු මියගොස් ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි .
වස්කඩුව පොකුණ වත්ත පාරේ පිහිටි රෙදිපිළි නිශ්පාදන ආයතනයක මුද්‍රණ යන්ත්‍රයක පිරිසිදු කිරීම්වල නියැලී සිටී අයෙකු මෙලෙස මියගොස් ඇති බව පොලිසිය කිය.
අනතුර අද අළුයම 3 ට සිදුව ඇති අතර , කළුතර ශීක්ෂණ රෝහලට රැගෙන යාමේදී මියගොස් ඇති බව සදහන් වේ.
සිද්ධිය සම්බන්දයෙන් කළුතර උතුර පොලිසිය පරීක්ෂණ පවත්වති.

