(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ආන්දෝලනයට තුඩු දී ඇති මුදල් පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කතානායකවරයාට හෙට(2) දැනුම් දීමට නියමිතය.
එම තීරණය කතානායකවරයා විසින් පාර්ලිමේන්තුවට අනිද්දා(3) දැනුම් දෙනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
මේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ අලුත්ම න්‍යාය පුස්තකයටද දැනටමත් ඇතුළත් කර ඇත.
මුදල් පනත් කෙටුම්පතට එරෙහිව විරුද්ධ දේශපාලන පක්ෂ ගණනාවක් සහ වෙනත් විවිධ පාර්ශව විරෝධය පළ කරමින් සිටියි.
එසේ විරෝධය පළ කරන පාර්ශව පෙන්වා දෙන්නේ මුදල් විශුද්ධිකරණ පනත යටතේ වැරදකරුවන්වන පුද්ගලයන්ට මෙමඟින් රැකවරණයක් සැලසෙන බවයි.
මෙම මුදල් පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ගණනාවක් ඉදිරිපත්ව ඇති අතර කතානායකවරයාට හෙට දැනුම් දීමට නියමිතව ඇත්තේ එම පෙත්සම් විභාගයේ තීරණයයි.

