මුදල් අමාත්‍යාංශයට ධීවරයන් ගැන අවබෝදයක් නෑ


(යොහාන් භාසුර)

මුදල් අමාත්‍යාංශ නිලධාරීන් ධීවරයන් සහ එම ක්ෂේත්‍රය ආරක්ෂා කරගැනීම සම්බන්ධයෙන් කිසිඳු අවබෝධයකින් තොරව කටයුතු කරමින් සිටින බවත් ඒ අනුව ධීවරයින්  රැකබලා ගැනීමට හැකිවන වැඩ පිළිවෙලක් සකස් කිරීමට මෙම නිලධාරීන් සමත්ව නොමැති බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය.
මුදල් අමාත්‍යාංශ නිලධාරීන් ධීවර ක්ෂේත්‍රයෙන් මෙරට ආර්ථිකයට දෙන  දායකත්වය පිළිබඳව  නිසි අවබෝධයකින් තොරව කටයුතු කර ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙරට අවිධිමත් අංශයේ රැකියාවල නියුතු සියලුදෙනා හට වෘත්තීය ගරුත්වයක් සහ අභිමානයක් ලබාදීමට කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය ආරම්භ කළ “ගරුසරු” වැඩසටහන යටතේ ධීවර ක්ෂේත්‍රයේ රැකියාවල නියුතු වෘත්තිකයින් සමඟ අද (17) කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ පැවති හමුවකදී අමාත්‍යවරයා එසේ පැවසීය.