මුජුබුර්ගෙන් ආණ්ඩුවට අභියෝගයක්


(අංජුල මහික වීරරත්න)

වත්මන් ආණ්ඩුව පැමිණි පසු රටේ දියුණු වූ එක ක්ෂෙත්‍රයක් හෝ තිබේ නම් පෙන්වන්නැයි ආණ්ඩුවට විවෘත අභියෝගයක් කරන බව සමගි ජන බලවේගයේ මැද කොළඹ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා අද(18) පැවසීය.

තිබුණාට වඩා හැම අතින්ම රට ආපස්සට ගොස් තිබෙන බව කී රහුමාන් මහතා නිදහසින් පසු ශ්‍රී ලංකාවේ අවම ආර්ථික වර්ධනය වී ඇත්තේ 2020 වසරේ දී බවත් එය ඍණ 3.6 ක ආර්ථීක  අවපාතයක් බවත් පැවසීය.

කොළඹ විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේ දී මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා මේ අභියෝගය කළේ ය.