මුජිබර්ගේ කාර්යාලයේ තිබූ ටීවි එකට විදලා


(ඉන්දිකා  රාමනායක)

හිටපු  පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබර් රහුමාන් මහතාගේ මාලිගාවත්ත ජයන්ත වීරසේකර මාවතේ පිහිටි සම්බන්ධිකරණ කාර්යාලය  බිඳ එහි තිබු රුපියල් 50,000 ක් වටිනා අඟල් 32 රූපවාහිණියක් සොරාගෙන ගොස් ඇති බව  මාලිගාවත්ත පොලිසිය කියයි.

 ඉකුත් 20 - 22 අතර කාලය තුළ රාත්‍රියේ කිසියම් පුද්ගලයකු මෙම  කාර්යාලයයේ ඉදිරි දොර කඩා  ඇතුලු වී මෙම සොරකම සිදුකර ඇති බවට   පැමිණිලි  ලැබී ඇත.
මුජිබර් රහුමාව් මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයා විසින්  ඊයේ (22) මාලිගාවත්ත පොලිසියට මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.
සිද්ධියෙන් සැකකරුවන්   සම්බන්ධයෙන් හදුනාගෙන නොමැත