මුඛ ආවරණ වැඩි මිලට අලෙවි කළ වෙළඳුන් 5 කට නඩු


(මහින්ද නිශ්ශංක)

මුඛ ආවරණ වැඩි මිලට අලෙවි කළ වෙළඳුන් පස් දෙනෙකුට එරෙහිව අධිකරණයේ නඩු පැවරීමට පාරිභෝගික සේවා අධිකාරිය අද (29) පියවර ගත්තේය.

කොළඹ , මහනුවර සහ මාතර ප්‍රදේශවල වෙළඳුන් පස් දෙනෙකුට මෙසේ නඩු පැවරිණි.

කොරෝනා වෛරසය පැතිරීමත් සමඟ මුඛ ආවරණ සඳහා ඉල්ලුම ඉහළ යාමෙන් පසු වෙළඳුන් මුඛ ආවරණ වැඩි මිලට අලෙවි කරන බවට ලැබුණු මහජන පැමිණිලි මත ඊයේ සහ අද අධිකාරිය මෙම වැටලීම් සිදුකර තිබේ.

මෙම වැටලීම් වලදී රුපියල් 10.00 ට සහ රුපියල් 20.00 ට අලෙවි වන මුඛ ආවරණ රුපියල් 40.00  සහ රුපියල් 50.00 වශයෙන් වැඩි මිලට අලෙවි කර ඇති බව පරීක්ෂණ වලදී හෙළි වී ඇතැයි අධිකාරිය පැවසීය.