
(ටෝනි කරුණානායක )
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් යැයි පවසා නිවසක් කොල්ලකෑමට තැත් කිරීමේ චෝදනා සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ සිටි සැකකරුවකු රාත්‍රි බන්ධනාගාරය තුළ දී මියගිය බව මිගමුව බන්ධනාගාර නිලධාරීන් අද(18) මිනුවන්ගොඩ මහෙස්ත්‍රාත් කේසර සී ඒ සමරදිවාකර මහතා වෙත කරුණු වාර්තා කළේය.
ඉහත චෝදනා සම්බන්ධයෙන් දිවුලපිටිය පොලිසිය සැකකරුවන් දෙදෙනෙකු පසුගිය 15 වැනිදා මිනුවන්ගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව මිනුවන්ගොඩ වැඩ බලන මහෙස්ත්‍රාත් මංගල වර්ණකුලසූරිය මහතා එම සැකකරුවන් දෙදෙනා අද (18) දක්වා රිමාන්ඩ් බාරයට පත් කර තිබුණි .
අද (18) එම නඩුව කැඳවිනි . එම අවස්ථාවේ අධිකරණය හමුවේ කරුණු දැක්වූ මිගමුව බන්ධනාගාර නිලධාරින් එම නඩුවේ පළමු සැකකරු වන බඩල්ගම කෙහෙල්ඇල්ල ප්‍රදේශයේ පදිංචි එම් .පී.සී දුමින්ද මුණසිංහ නැමැති සැකකරු බන්ධනාගාරයේදී මියගිය බව පවසමින් දෙවැනි සැකකරු වන ලහිරු ප්‍රදීප් මදුසන්ක නැමැති සැකකරු අධිකරණය හමුවට ඉදිරිපත් කළේය.
දෙවැනි සැකකරු රුපියල් ලක්ෂ 02 ක ශරීර ඇප මත මුදාහරින ලෙසට නියම කළ මහෙස්ත්‍රාතවරයා නඩුව ඔක්තෝබර් මස 06 වෙනිදා ට නැවත කැදවිමට නියම කෙරුණි .
මරදගහමුල හපුවලාන ප්‍රදේශයේ නිවසක් කොල්ලකැම ට ගිය අවස්ථාවේ එම ගම්වාසීන් සැකකරුවන් දෙදෙනා ව ඔවුන් බාරයට ගෙන පහරදී ඇති බව අධිකරණයේ දි සඳහන් විය . ඒ සම්බන්ධයෙන් පියවර ගෙන අධිකරණ යට කරුණු වාර්තා කරන ලෙස අධිකරණයෙන් දිවුලපිටිය පොලිසිය ට
නියම කෙරුණි .

