
(ගම්පහ අධිකරණ ටෝනි කරුණානායක)
රිමාන්ඩ් බාරයට පත් මීගමුව බන්ධනාගාරයේ දෙවෙනි පෙල ජේලර් ප්‍රශාද් කාලිංග කලුඅග්ගල නැමැති සැකකරුව බූස්ස සිර කඳවුරේ රඳවා තැබීමට තීරණය කර ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි.
සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් විසින් අද (25) මීගමුව වැඩ බලන මහෙස්ත්‍රාත් කේ.ජි. ගුණදාස මහතා වෙත ඉදිරිපත් කරමින් පරික්ෂණ අවසන් නොමැති හෙයින් සැකකරුව රිමාන්ඩ් බාරයට පත් කරන ලෙසත්, අනතුරුව බූස්ස සිර කඳවුරේ රදවා තබන ලෙසත් ඉල්ලා සිටියේය.
ඒ අනුව සැකකරුව ලබන 29 වෙනිදා දක්වා රිමාන්ඩ් බාරයට පත් කල වැඩ බලන මහෙස්ත්‍රාත්වරයා සැකකරු සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙස මීගමුව බන්ධනාගාර අධිකාරිවරයාට වැඩිදුරටත් නියම කළේය.
ආරක්ෂිත පියවරක් ලෙස සැකකාර ජේලර්වරයාව මෙසේ බූස්ස සිර කඳවුරේ රඳවා තැබීමට පියවර ගෙන ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ගද වැඩිදුරටත් සඳහන් කළේය.

