මීගමුව බන්ධනාගාර නියාමක 29 වැනිදා දක්වා රිමාන්ඩ්


(ගම්පහ අධිකරණ ටෝනි කරුණානායක)
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට බාර වු මීගමුව බන්ධනාගාරයේ දෙවෙනි පෙළ ජේලර් ප්‍රශාද් කාලිංග කලුඅග්ගල
නැමැති සැකකරු  29 වෙනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස මීගමුව වැඩ බලන මහෙස්ත්‍රාත් කේ.ජී. ගුණදාස
මහතා අද (25) නියම කළේය.

මී ගමුව බන්ධනාගාරය තුල සිදුවු දූෂණ ක්‍රියා සම්බන්ධයෙන් සිදු කරන විමර්ෂණවලට අදාළව අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබියදී සැකකරු ඊයේ (24)  පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර වීමෙන් පසු අද (25) මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙසේ රිමාන්ඩ් බාරයට පත් කෙරිණි.