මීගමුව නියෝජ්‍ය නගරාධිපති අත්අඩංගුවට


(ප්‍රසාද් මුතුකුඩ)

මීගමුව මහනගර  සභාවේ  නියෝජ්‍ය  නගරාධිපති  මොහොමඩ්  ෆාරිස් මහතාව (27) අද  මීගමුව  පෙරියමුල්ල ප්‍රදේශයේදී  මීගමුව ගුවන්  හමුදා නිලධාරීන්  විසින් කරන ලද මෙහෙයුමකදී අත්අඩංගුවට ගෙන තිබේ. පසුව ඔහුව මීගමුව  පොලිසියට  බාරදුන් බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන අතුකෝරල මහතා  පැවසීය.

නියෝජ්‍ය  නගරාධිපති  මොහොමඩ්  ෆාරිස්   මහතාගේ නිවසේ  තිබියදී කඩුවක්, කිනිසි කිහිපයක්  සහ  ජංගම දුරකතන සඳහා භාවිතා කරන  බැටරි  තොගයක්ද  අත්අඩංගුවට ගෙන ඇති බවත් මීගමුව තෙල්වත්ත ප්‍රදේශයේදී  වත්තක සඟවා තිබූ  එම්- 5 වර්ගයේ ප්‍රභූආරක්ෂක ගිනි අවියක් සහ ජීව උණ්ඩ 161 ක් සමග මැගසින් 02 ක් සොයාගත්  බවත්  පොලිසිය කීයයි