මිහින්තලය අභය භූමියේ මුවන් මෑරු අයෙක් අල්ලයි


(සිඩ්නි රුවන්)   

මිහින්තලය අභය භූමිය අසල මුවන් දඩයම් කර මුවන් මැරූ සැකකරුවකු මුව ඔලු 3ක් සහ මුව මස් සමඟ අත්අඩංගුවට ගත් බව කහටගස්දිගිලිය  පොලීසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කහටගස්දිගිලිය රන්පත්විල නිවාස 30 ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි අයෙකි.

මෙම සැකකරු තවත් පිරිසක් සමඟ මිහින්තලය පොලිස් වසමේ මිහින්තලය අභය භූමිය අසල මුවන් දඩයමේ ගොස් මුවන් තිදෙනෙකු මරා මස්කර ඔහුගේ මස් කොටස නිවසට රැගෙන විත් ඇත.

කහටගස්දිගිලිය පොලීසියට ලද තොරතුරක් මත නිවස පරික්ෂා කිරීමේදී ඔහු සන්තකයේ තිබී මුව මස් කිලෝ 2ක් සහ මුව ඔලු 3ක් සොයා ගත් බව කහටගස්දිගිලිය පොලීසිය පවසයි.

සැකකරු කහටගස්දිගිලිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ සම්බන්ධව වැඩිදුර පරීක්ෂණ කහටගස්දිගිලිය පොලිස් ස්ථානධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඊ.එස් අබේසේකර මහතාගේ උපදෙස් මත වැටලීම් අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක ඒ.බී නිමලවංශ මහතාගේ මෙහෙයවීමෙන් සිදුකරනු ලැබේ.