( දඹුල්ල - කාංචන කුමාර ආරියදාස)
රුපියල් කෝටි 50ක් පමණ වටිනා මිනිස් පරිභෝජනයට නුසුදුසු කිරිපිටි තොගයක් නුවරඑළිය අඹේවෙල මිල්කෝ කර්මාන්තශාලාවේ කාමරයක ගබඩා කර ඇතැයි එම කම්හලේ කළමනාකරු මහින්ද දිසානායක මහතා පැවැසීය.
මහින්ද දිසානායක මහතා මෙසේ පැවැසුවේ රට පුරා පවතින හයිලන්ඞ් කිරිපිටි හිඟය සහ කිරිපිටි තොගක් සඟවා ඇතැයි කියන තොරතුරක් පිළිබඳව ඔහුගෙන් කළ විමසුමකට පිළිතුරු දෙමිනි.
2017 වසරේදී ගොවීන්ගෙන් මිලදී ගත් දියර කිරි අඹේවෙල කිරි කර්මාන්තශාලාවට රැගෙන ගොස් ඒවා පිටි බවට පත්කිරීමේදී සිදුවී ඇති කාර්මික දෝෂයක් නිසා මෙම කිරිපිටි තොගය මෙසේ ඉවත් කිරීමට සිදුවී ඇති බව ද ඔහු වැඩිදුරටත් පැවැසීය.
මධ්‍යම පළාතේ කිරි ගොවීන්ට ගෙවිය යුතු මුදල් ගෙවීමකදී ඇතිවී තිබෙන ප්‍රමාදය ගැන ඔහුගෙන් කළ විමසීමේදී ඔහු කියා සිටියේ මෙම මිලියන 500ක් වන මුදල හිරවී තිබීම නිසා මෙසේ ප්‍රමාදයක් සිදුවිය හැකි බවයි.
මේ පිළිබඳව මිල්කෝ සමාගමේ සාමාන්‍යාධිකාරී සුගත් මුණසිංහ මහතාගෙන් විමසීමේදී ඔහු කියා සිටියේ රුපියල් කෝටි 50ක් වටිනා කිරිපිටි තොගයක් විනාශ වීම සාමාන්‍ය දෙයක් බවයි.
2017 වසරේදී ගොවීන්ගෙන් මිලදීගත් දියර කිරි කර්මාන්තශාලාවේදී කිරිපිටි බවට පත්කිරීමේදී යම්කිසි වරදක් සිදුවීම නිසා මෙම කිරිපිටි මිනිස් පරිභෝජනයට ගැනීමට නොහැකි තත්ත්වයට පත්වී යැයි ද මිල්කෝ සාමන්‍යාධිකාරීවරයා කීය.
රටේ හයිලන්ඞ් කිරිපිටි හිඟය තවත් මාස කිහිපයකින් මඟහැරී යනු ඇතැයි ඔහු වැඩිදුරටත් පැවැසීය.

